Sunday, March 31, 2013

Color Range ගැන...

මේක සුපිරි ආස හිතෙන වැඩක්. මේකෙන් සෑහෙන දේවල් කරන්න පුලුවන්. අද අපි බලමු මේක පාවිච්චි කරලා කොහොමද වර්ණ පින්තූරයක එක වර්ණයක් ඉතිරි කරලා අනිත් ඒවා කලු සුදු (Black And White) කරන්නෙ කියලා.


මේ තියෙන්නෙ ඒ වගේ හදපු එකක්. මේ පින්තූරෙ උදාහරනයකට අරගෙන අපි බලමු මේක හදන්නෙ කොහොමද කියලා.

හරි මුලින්ම Photo එක Photoshop වලින් Open කරගෙන Layer එක උඩ Double Click කරලා Layer එක Unlock කරගන්න.

දැන් Select Color Range... යන්න.
 


දැන් Photo එකේ තියෙන ඔයාලට ඉස්මතු කරලා පෙන්නන්න ඕනා Color එක විතරක් Eyedropper Tool එකෙන් Select කරගන්න. Eyedropper Tool එක ලගම තවත් Eyedropper Tool දෙකක් තියෙන්නේ. ( + ) එකෙන් කරන්නේ Selection එකට තවත් එකතු කරගන්න. ( - ) එකෙන් කරන්නේ Selection එකෙන් අඩු කරන එකයි. දැන් ඉතින් ( + ) එක අරගෙන ලස්සනට අවශ්‍ය ගානට Selection එක හදාගන්න.

දැන් ඒ Selection එකට අනවශ්‍ය කොටසුත් එකතු වෙලා ඇති. එව්වා තියනවනම් දැන් අයින් කරමු. Selection එක තියෙද්දී Lasso Tool එක අරගෙන Keyboard එකේ Alt යතුර තදකරගෙන අනවශ්‍ය කොටස් ඇද ගන්න. එතකොට ඉබේම ඒ කොටස් අයින් වෙයි.

දැන් Select - Refine Edge යන්න. ඒකේ Amounts මේ පහළ වගේ හදා ගන්න.


ඊට පස්සෙ Select ගිහින් Inverse දෙන්න. එහෙම දීලා අවසානෙට Image - Adjusments - Black And White ගිහින් OK කරන්න.


අවසාන ප්‍රතිඵලය පහල තියෙන විදියට ඇති.


හරි එහෙනම් මේක මෙතනින් ඉවර කරලා තව මීට වඩා Advanced Tutorial එකක් එක්ක අයෙත් හම්බෙමු.
මම එරන්ද
ජය ශ්‍රී...!!! 
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

25 comments

  1. බොහොම වටින පොස්ට් එකක්, ස්තුතියි අපිට මේවගේ දැනුම ලබාදෙනවාට.

    ReplyDelete
  2. එලෙත් එල (h) හැමදාම වගේ මාත් එනව බලල යන්න, දිගටම පහරවල් දෙන්ඩ. අපි ගියා :P

    ReplyDelete
  3. නියමයි, මමත් කරලා බැලුව වැඩේ ලේසියි, සරලවම කියලදිපුනිසා ලේසියෙන්ම කරා.
    බොහොම ස්තුතියි.
    "Geek"කෙනෙක් (h)

    ReplyDelete
  4. බොහෝම ස්තූතියි එරන්ද සහෝ දිගටම ලියන්න..... cheer

    ReplyDelete
  5. Niyami Machan.... Digatama dapan... :D cheer

    ReplyDelete
  6. elaz digatama post daanna :>)

    ReplyDelete
  7. තමන් දන්න දේ සරලව අනිත් අයට කියා දෙන එක ගොඩක් හොදයි. එයින් හැමකෙනෙකුටම ප්‍රෙයා්ජන ගන්න පුළුවන්.මම අද මේ දෙවෙන් වතාවට තමා මේ පැත්තට ආවෙ. ඉතින් ජය. ආයේ එන්නම්කෝ.
    මමත් අන්තර්ජාල මුදල් පිළිබද කාටත් තේරෙන විදියට බ්ලොග් එකක් කරනවා.

    ReplyDelete
  8. Adai awe blog ekata, digatama kiyawannam, mama asama deyak photoshop, eth ekkama oya danna dewal me widiyata kiyala dena eka gena godak sathutui, jaya wewaaaa

    ReplyDelete
  9. එළකිරි මචන්. තෑන්ක්ස්. දිගටම දාහන්.

    ReplyDelete
  10. විචිත්‍රවත්ව පින්තුර සකසා ගැනීම attractive picture editing සඳහා මහෝපකාරී වන තොරතුරු ඇතුලත් වෙබ් පිටුවකි. මෙම "සිංහලෙන් ෆොටෝෂොප්" photo shop in sinhala වෙබ් පිටුවට ගරු කිරීමක් ලෙස හා එය වඩාත් අර්ථවත් කරනු පිණිස තවත් අදහසක් මේ සමඟ ඉදිරිපත් කරමු. ශ්‍රී ලාංකික බැංකු බොහොමයක් විසින් වර්තමානයේ නොයෙකුත් ආකාරයේ පින්තුර සහිත ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් credit cards and debit cards නිකුත් කරනු ලැබේ. එහෙත් එම කාඩ්පත් දෙස විමසිලිවත්ව බැලු කළ ඊට වඩා බොහෝ ආකර්ශණිය ලෙස එම කාඩ්පත් සකස් කරන්නට හැකි නොවේද යන්න මෙම "සිංහලෙන් ෆොටෝෂොප්" වෙබ් පිටුවේ කරුණු සමඟ සැසඳූ විට ඕනෑම අයෙකුට පෙනී යයි. දැනට අප රට තුල ක්‍රියාත්මක බැංකු ඔවුන්ගේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් සැකසීමට design credit card පෙර මෙවැනි වටිනා වෙබ් පිටු ප්‍රථමයෙන් පරිශීලනය කල යුතු බව අපගේ හැඟීමයි.

    එම අවංක ප්‍රාර්ථනයත් සමඟ ක්‍රෙඩිට් කාඩ්පත් පිලිබඳ නොමිළේ උපදේශණ සේවයක් free advice for credit card usage සදාදරණිය ඔබ වෙත මේ සමඟ ගෙන එන්නෙමු. කිසි විටෙකත් ඔබගේ පුද්ගලික විස්තර අපට අවශ්‍ය නොවේ no personal details needed. පිවිසෙන්න! http://cardslanka.blogspot.com/

    ReplyDelete
  11. ගොඩක් වැදගත් මේ පාඩම් අපි වගේ තනිවම ඉගෙන ගන්න අයට.. (h)

    ReplyDelete
  12. 10 More Amazing Science Stunts
    >>>>Link

    http://adfoc.us/3332941

    http://adfoc.us/3332941

    http://adfoc.us/3332941

    http://adfoc.us/3332941

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  13. Mudala yata wena samajaye Oba Karana Mehewarata Hisa Nama Achara Karami...REPECT BRO...

    ReplyDelete
  14. ඇත්තටම සුපිරි සහෝ.. පින් සිද්ද වෙනවා ඔයාට

    ReplyDelete
  15. elama saho watinama deyak nomile kiya dunnata thawa thawath programme karala wedi wediyen diyunu wewa kiya parthana karanawa

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
Posts RSSComments RSSBack to top
© 2013 Sinhalen Photoshop | සිංහලෙන් පොටෝෂොප්
Released under Creative Commons 3.0 CC BY-NC 3.0