Tuesday, March 12, 2013

The Bourne Legacy Movie එකේ වගේ පෝස්ටරයක් හදමු. Part 1

යාළුවනේ ඔන්න මම අතඇරලා දාපු බ්ලොග් එක අයේ පටන් ගත්තා දැන් නම් ඔයාලගේ සහයෝගය ඇතිව දිගටම බ්ලොග් එක කරන් යන්න තමා හිතන් ඉන්නේ. ඒකට ඔයාලගේ අදහස් උදහස් යෝජනා චෝදනා මේ හැම එකක්ම බොහෝම ශක්තියක් වෙයි මට.

යාළුවනේ මේ බ්ලොග් එක මගේ තනි බ්ලොග් එකක් කරන් ලාබ ලබන්නවත් වෙන කිසිම අරමුණක් ඇතිව වත් නෙමෙයි කරන්නේ ඉතින් ඔයාලත් කැමති නම් සිංහලෙන් PS බ්ලොග් එකේ Author කෙනෙක් විදිහට  සිංහලෙන් PS වලට ලිපි ලියන්න මෙතනින් මාව සම්බන්ද කරගන්න.

එහෙනම් දැන් අපි පාඩමට බහිමු.


මේ තියෙන්නේ අපේ වැඩ අවසන් උනාම පෙනුම.


පියවර 1

මුලින්ම අපි පොටෝෂොප් තුලට අපි හදන්න බලාපොරොත්තු වෙන image එක open කරගන්න. File > Open.  මේ සදහා ටිකක් හොද resolution තත්වයේ image එකක් යොදා ගැනීම අපේ අවසන් ප්‍රතිඵලය සාර්ථක වීමට හේතු වෙනවා.


පියවර 2

දැන් background layer එක උඩ Right-click කරලා Convert to smart object කියන විදානය දෙන්න. smart object හරහා වැඩ කිරීම ඉදිරියේදී ගොඩක් පහසු වෙනවා. මේකෙන් වෙන්නේ නිකන් smart object එක ඇතුලේ කරන දේවල් ඔක්කොම එක Group එකක් වගේ ක්‍රියා කරීමත් smart object එක අපිට තනි object විදිහට හැසිරවීමට පුළුවන් වීම. ඔයාලට අත් දැකීමෙන්ම තේරෙයි මොන වගේ දෙයක්ද වෙන්නෙ කියලා.

පියවර 3

අපි දැන් හදන්නේ අපේ Photo layer එකට යටින් කළු පාටින් Fill කරපු අලුත් Layer එකක් හදා ගන්න ඒ සදහා Layer > New Fill Layer > Solid Color. යන්න ක්ලික් කරන්න. දැන් එන color picker එකෙන් කළු පාට Select කරගන්න.

පියවර 4

දැන් Layer palette එකට ගිහින් ( Layer palette එක දිස් නොවේ නම් Window > Layers විදානය දෙන්න) අපි කළු පාටින් Fill කරගත්ත layer එක Drag කරල  යටින්ම දාන්න. දැන් එම layer එකේ text එක උඩ Double click කරලා Background කියලා rename කරගන්න. මෙහෙම කරන්නේ අපේ tute එකේදි හා නිර්මාණයේදී එක් එක් layers පහසුවෙන් හදුනාගන්න.

පියවර 5

ඊලගට අපි හදන්නේ අපේ පින්තූරෙට adjustment layers හා filters භාවිතයෙන් photo effect එකක් ලබා දෙන්න. මේ සදහා අපි කළු සුදු adjustment layer එකක් හදා ගන්න ඔනේ. ඒ සදහා Layer > New Adjustment Layer > Black & White යන විදානය දෙන්න. දැන් මෙම layer එකෙහි blending mode එක Overlay ලෙස දෙන්න. දැන් ඔයාලගේ පින්තූරෙට ගැලපෙන විදිහට සෙටින්ග්ස් හදාගන්න Properties panel එක හරහා Properties panel එක පේනන නැත්තම් Window > Properties යන විදානය දෙන්න. දැන් ඔනෙ විදිහට හදාගන්න.


පියවර 6

දැන් අපි අපේ නිර්මාණයට Vibrance adjustment layer එකක් එකතු කරගන්න ඔනේ ඒ සදහා Layer > New Adjustment Layer > Vibrance යන විදානය දෙන්න. දැන් මෙහි vibrance එක අඩු කරන්න අපිට ඔනේ තරමට පහල රූපය බලලා අදහසක් ගන්න. 


මේ තියෙන්නේ අපි vibrance එක අඩු කරහම අපිට පෙනෙන විදිහ.


පියවර 7

adjustment layers වලින් අපිට අමුතුම ආකාරයේ පෙනුමක් ලබා දුන්නත් සමහර දේවල් හරියට පේන්නේ නෑ පසුබිමත් ටිකක් අදුරුයි වගේ. ඔයාලා මේ විදිහටම කැමති නම් දිගටම මේ විදිහට තියන්නත් පුළුවන් නැත්තම් 7වන පියවරත් කරන්න පුළුවන්.

අපි මේ සදහා layer panel එකෙන් අප් photo layer එක select කරලා Image > Adjustments > Shadows/Highlights.  විදානය දෙන්න. දැන් shadows 35% ආසන්න අගයකුත් highlights 15% අගයකුත් ලබා දෙන්න. මෙම ලබා දෙන අගයන් ඔයාලගේ පින්තූරයට ගැලපෙන විදිහට වෙනස් කරගන්න පුළුවන්. 



දැන් ඔයාලා layer palette එක දිහා පොඩ්ඩක් බැලුවොත් ඔයාලට පෙනෙයි අපි දැන් කරපු adjustment ටික Smart Filter එකක් විදිහට තමයි එකතු වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි අපි නිර්මාණය ආරම්භයේදීම  අපේ පින්තූරය Smart Object එකක් බවට පත් කිරීම. දැන් ඔයාලට මේ Smart Filter එතේ සෙටින්ග්ස් ඔනෙ වෙලාවක කිසි කරදරක් නැතිව වෙනස් කරන්න පුළුවන්. දැක්ක නේද Smart Object වල තියෙන තවත් එක් වාසියක්
පියවර 8

දැන් අපි අපේ පින්තූරයට Noise filter එක යොදාගන්නයි හදන්නේ. මේකත් කලින් විදිහටම Smart filter එකක් විදිහට තමයි අපේ පින්තූරට එකතු වෙන්නේ. දැන් ආපහු photo layer එක select කරලා Filter > Noise > Add Noise යන විදානය දෙන්න. දැන් Monochromatic තියෙන තැන හරිය වැටිලද බලන්න (පහත ආකාරයට) . දැන් Ok කරන්න. 


පියවර 9

දැන් අපි හදන්නේ අපිට අවශ්‍යය විදිහට පින්තූරය crop කිරීම හා rotate කිරීම සිදුකරගන්න. මේ සදහා මුලින්ම Crop tool (C) එක select කරන්න. දැන් උඩින් එන options bar එකේ දකුණු පැත්තේ තියෙන "Delete Cropped Pixels කියන එකේ හරි ලකුණ ඉවත් කරන්න. මෙමගින් අපිට පුළුවන් ඔනෑම මොහොතක අපි කරපු Crop කිරීම නැවත වෙනස් කරන්න. දැන් යමක් select කරගන්නා ආකාරයට පහත පරිධි crop කිරීමට අවශ්‍ය පෙදස තොරන්න. සමහර විට ඔයාලගේ පින්තූරය හරි කෙලින් නැතිව ඇති එතකොට rotate කිරීම මගින් එය නිවැරදි කරගන්න පුළුවන්. දැන් Enter key එක press කරන්න.


පියවර 10

දැන් අපි අපේ නිර්මාණයට අකුරු එකතු කරගන්නයි යන්නේ. මේ සදහා ඔයාලට ගැලපෙන font එකක් වගේම ගැලපෙන ස්ථානත් තෝරාගන්න පුළුවන්. මෙහි යොදාගෙන තියෙන්නේ Arial කියන font එක. layer palette එකේ ඉහලින්ම තියෙන layer එක උඩ Click කරලා text tool එක භාවිතයෙන් ඔයාලට කැමති විදිහට Text එකතු කරගන්න. 




part 1 එක මෙතනින් ඉවරයි එන්න එන්නම පෝස්ට් එක දික් වෙනවා එක නිසා කොටස් 2කට දාන්නම්. part 2 එකෙන් හමුවෙමු ජය ශ්‍රී !!!



Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

13 comments

  1. ඉක්මනටම දෙවැනි කොටසත් දාමු
    පුලුවන් නම් සතියකට එකක් දෙකක් වෙන්න පාඩම් දාමු
    ෆයිල් එකත් දෙන්න බලන්න මිත්‍රයා
    ජය පතනවා

    ReplyDelete
    Replies
    1. හොදයි සහෝ ඉක්මණටම දෙන්නම් ඊලග කොටසත්!

      Delete
  2. ඔයාට සුභපතනවා මෙවර මේ අඩවිය නොකඩවා පවත්වාගෙන යන්න ලැබෙන්න කියල,
    අපි බලමු යාලුවන්ගෙන් උදවු අරගෙන ඉදිරියේදී හොද ගමනක් යන්න, අපි ඔබත් එක්ක හැමදාම ඉන්නවා, දැනට ඔයාට ලේසි විදියකට පොස්ට් දාන්න
    ANW

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මචා. එත් ලිපි ලියන්න තාම කවුරුත් හම්බ උනේ නෑ.

      Delete
  3. Machan wenama post ekak daanna barida Layers walin weda karana widiya gena.. mata oya layers sellama dirawannema naa ban

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
Posts RSSComments RSSBack to top
© 2013 Sinhalen Photoshop | සිංහලෙන් පොටෝෂොප්
Released under Creative Commons 3.0 CC BY-NC 3.0