Friday, March 22, 2013

The Bourne Legacy Movie එකේ වගේ පෝස්ටරයක් හදමු. Part 2

යාළුවනේ ඔන්න පුළුවන් තරම් ඉක්මනට මම Part 2 එකත් අරගෙන ආව. ඔයාල Part 1 එක බැලුවෙ නැත්තම් මෙතනින් බලන්න.  අපි Part 1 එකෙන් Text Layers ටික හදාගන්න තැනට එනකන් කතා කරා දැන් ඉතුරු ටික.

පියවර 11

දැන් අපි හදන්නේ අපි හදාගත්ත Text Layers ටික ඔක්කොම එකතු කරලා තනි Group එකක් හදාගන්න. මේ සදහා මුලින්ම ඔක්කොම Text Layers ටික select කරගන්න. ( Ctrl එක press කරගෙන එකින් එක layers සියල්ල select කිරීමෙන් ) දැන් Layer > Group Layers හෝ Ctrl+G මගින් Group එක හදාගන්න. දැන් ඒ Group එක Text කියලා rename කරගන්න.


පියවර 12

දැන් Photo Layer එකට සම්බන්ධ Layers ටිකත් (Vibrance, Black & White, & Photo) පෙර ආකාරයටම Group කරලා ඒක Photo කියලා Rename කරන්න. 



පියවර 13

දැන් අපි හදන්නේ අපේ අවසාන නිර්මාණයේ තියෙන විදිහට තීරු effect එක ගන්න. ඇත්තෙන්ම මේක හරිම ලේසියි. අපිට ඔනෙ කරන්නේ Rectangular Marquee tool එක විතරයි. 

දැන් Tool Box එකෙන් Rectangular Marquee tool එක Select කරගන්න. ඊට පස්සේ options bar එකෙ (වම් පැත්තේ තියෙන) Mode එක  “Add to Selection” කියන එක තෝරන්න. එතනම දකුණු පැත්තට වෙන්න තියෙන Feather එක 0px කරන්න.


දැන් පහත රූපයේ ආකාරයට තිරු  select කරගන්න. text සහ පුද්ගලයාගේ ඇස් දෙක select කිරීමට වග බලා ගන්න.(රූපයේ ආකාරයට) ඔබට වැරදීමක් සිදු වුනොත් Ctrl+Z මගින් Undo කරන්න. මුල සිට select කිරීම ඇරඹීමට අවශ්‍ය නම් Ctrl+D මගින් සියල්ල Deselect කර නැවත මුල සිට අරඹන්න.


පියවර 14

දැන් Layer Palette එකෙන් අපි හදාගත්ත Photo Group එක select කරගන්න. දැන්  Add Layers Mask button එක මත click කරන්න. මෙමගින් අපි කලින් කරගත්ත Selection එක layer mask එකක් බවට පත් වෙනවා. 


දැන් ඹබට පහත ආකාරයට දිස් වේවි.


පියවර 15

දැන් අපි බොහෝ දුරට වැඩ ඉවරයි.
දැන් අපි වැඩ කෑලි ටිකක් දාගමු. නැවත Rectangular Marquee tool එක select කරගෙන text වටේට නැවත පහත රූපයේ ආකාරයට select කරගන්න.


select කරගෙන ඉවර වුනාම selection mode එක නැවත New Selection වලට හරවගන්න. නැත්තම් ආයේ ඔයාලා මේ tool එකෙන් වැඩක් කරනකොට කලබල වෙයි වෙන දේට. :D



පියවර 16

දැන් Layers panel එකෙන් Photo group එකේ layer mask එක උඩ click කරන්න. හොදට බලන්න ඔයාලා පහල රූපයේ පෙන්නන තැනද click කරේ කියලා. 


දැන් keyboard එකේ D අකුර press කරන්න. මෙමගින් වෙන්නේ ඔයාලගේ foreground and background colors reset වෙන එක, ඒ කියන්නේ default white/black බවට පත් වෙන එක. දැන් Delete key එක press කරන්න. ඊට පස්සේ Ctrl+D press කරන්න. දැන් පහත ආකාරයට ලැබෙයි.


පියවර 17

ඔයාලට මතකද අපි කලින් කතා කරපු Smart Filters ගැන? අන්න දැන් තමයි මේකේ අගේ තේරෙන්නේ. දැන් අපිට පුළුවන් එම layer එකේ එක් එක් effect එක මත Double click කරලා නැවත අවසාන රූපයට ගැලපෙන විදිහට වෙනස්කම් කරගන්න.



වැඩේ ඉවරයි දැන් ඉතින් ඔයාලා දන්න සෙල්ලම් එහෙමත් දාලා මේක තවත් හැඩ වැඩ කරගන්න පුළුවන්. 


අවසන් පෙනුම


අළුතින් FB Fan page එකක් එහෙමත් හැදුවා කැමති නම් Like පාරක් දාලා, යාළුවන්ටත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනවනම් Share පාරක් එහෙමත් දාලා, Twitter එකේ ඉන්නවනම් එකෙනුත් Follow පාරක් දාලා, අපිටත් සලකලා යන්න. එහෙනම් අපි ගියා ජය ශ්‍රී !!!










Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

12 comments

  1. නියමයි සරලයි පැහැදිලියි, තාමකවුරුත් සෙට් උනේ නැද්ද? මේවගේ ඔයාට ඉඩක් තියෙන වෙලාවට පොස්ට් ටිකක් දාන්න, අයිත අපි ගීක් එකේ බලමු කවුරුහරි සෙට් කරගන්න,
    ඔබට ජය.!!!!!
    ANW

    ReplyDelete
  2. (h) එල එල සහෝ ජය වේවා !!!

    ReplyDelete
  3. නියමයි! ඔයා මේ කරන්නේ නියම වැඩක් දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  4. සුපිරි කොල්ලෝ (h) නියමයි (h) ඊලග එකත් එනකං මම බලං ඉන්නවා :d

    ReplyDelete
  5. niyami. api wage ayata shinhalen photo shop igena ganna puluwan eka. oyalata pin

    ReplyDelete
  6. niyami. api wage ayata shinhalen photo shop igena ganna puluwan eka. oyalata pin

    ReplyDelete
  7. ඔයා වගේ අය අගය කරනවා. ගොඩක් දෙනෙක්ට ගොඩාක් වටිනවා.

    ReplyDelete
  8. aththatama godak watina post ekak///

    ReplyDelete
  9. aththatama godak watina post ekak///

    ReplyDelete
  10. රශෝද් විරංගFebruary 12, 2015 at 1:16 AM

    :) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) chee

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
Posts RSSComments RSSBack to top
© 2013 Sinhalen Photoshop | සිංහලෙන් පොටෝෂොප්
Released under Creative Commons 3.0 CC BY-NC 3.0